දැනුම පොතට - Press Release

Friday, March 15, 2019

දැනුම පොතට

ශ්‍රී ලංකාවේ වෙරළබඩ ලක්ෂණ



1. ද්‍රෝණි මෝය

මුහුද සමඟ නිදහස් සම්බන්ධයක් ඇති ගොඩබිමින් වට වූ ජලාශයකි.
උදා:

  • මීගමුව
  • මඩකලපුව 
  • පුත්තලම 

2. කලපු

වසරේ යම් කාලයකදී පමණක් මුහුදට සම්බන්ධ වන කරදිය පිරි ජලාශ වේ.
උදා:

  • මුන්දල් විල 
  • බොල්ගොඩ විල 
  • කොග්ගල 
  • කලමැටිය 
  • රැකව 
  • ලුනාව 

3. තුඩුව

මුහුද දෙසට නෙරා ගිය බිම් කොටසකි.
උදා:

  • දෙවුන්දර තුඩුව                                     
  • පේදුරු තුඩුව 
  • ඇත් තුඩුව 
  • රාක්ෂ තුඩුව 

4. බොක්ක

මුහුදට විවෘත පැත්ත විශාල වූ ගොඩබිම දෙසට කා වැදුණු කරදිය පිරි සාගර ප්‍රදේශයකි.
උදා:

  • වැලිගම බොක්ක 
  • ආරුගම් බොක්ක 
  • කොඩ්ඩියාර් බොක්ක 

5. ඩෙල්ටාව

ගංගා මඟින් ගෙන එනු ලබන ද්‍රව්‍ය ගංමෝයෙහි ත්‍රිකෝණාකාර ලෙස තැන්පත් වී ඇති වෙරළ ආශ්‍රිත ස්ථාන උදා:

  • මහවැලි ගඟ ආශ්‍රිත ඩෙල්ටාව
  • කලා ඔය ආශ්‍රිත ඩෙල්ටාව 
  • මී ඔය ආශ්‍රිත ඩෙල්ටාව 

6. වගුරු

ගංගා වලින් ගෙන එන ද්‍රව්‍ය වැලි ඉවුරු ලෙස තැන්පත් වීමෙන් හා මෝය ඇහිරීම නිසා ගංගා පිටාර ගැලීම නිසාත් ඇති වූ තෙත් බිම්
උදා:

  • මුතුරාජවෙල 
  • දෙද්දූව

No comments: