එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය - Press Release

Monday, March 18, 2019

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය



පෙර ලිපියේ සඳහන් කළ ආකාරයට එක්සත් ජාතීන්ගේ සංවිධානයට පහත ආයතන ඇතුළත් වේ.



1. මහා මණ්ඩලය 
2. ආර්ථික හා සමාජ මණ්ඩලය 
3. භාරකාර මණ්ඩලය 
4. ආරක්ෂක මණ්ඩලය 
5. අන්තර්ජාතික යුක්ති අධිකරණය 
6. මහ ලේකම් කාර්‍යාලය 

මෙම ලිපියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය පිළිබඳ තොරතුරු දැක්වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන නීති සම්පාදන හා නියෝජිත ආයතනය මහා මණ්ඩලයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියළුම සාමාජිකයින් (සාමාජිකයින් 193) මෙහි සාමාජික වේ. සෑම වර්ෂයකම සැප්තැම්බර් මාසයේදී මහා මණ්ඩලයේ සියලුම සාමාජිකයින් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක්හි පිහිටි වාර්ෂික සමුළුවට සහභාගී වේ. මෙම වාර්ෂික සමුළුවේදී සාකච්ඡා වන සාමය හා ආරක්ෂාව පිළිබඳ වැදගත් කරුණු, නව සාමාජිකයින් ඇතුළත් කර ගැනීමට අදාළ කරුණු, මූල්‍යමය ගැටළු වැනි කාරණා පිළිබඳව තීරණ වලට එළඹීමේදී සාමාජික සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක බලයක් සම්මත විය යුතුයි. අනෙකුත් කාරණා පිළිබඳ තීරණ ගැනීමේදී බහුතර මතය පමණක් සළකා බැලේ.

සෑම වර්ෂයකට වරක්ම මහා මණ්ඩලයේ සභාපති ධූරය සඳහා පුද්ගලයෙකු තෝරා පත් කර ගන්නා අතර ඔහුගේ හෝ ඇයගේ ධූර කාලය වසරකි. 2019 වර්ෂය සඳහා මහා මණ්ඩලයේ සභාපති ධූරය හොබ වන්නේ ඉක්වදෝරයේ ඇමතිනියක් වන මාරියා ෆර්නෑන්ඩා එස්පිනෝසා යන අයයි. 2018 ජුනි මස 05 වැනි දින පැවැත්වූ 73 වැනි සැසි වාරයේදී ඇය සභාපතිනිය වශයෙන් තේරී පත් වූවාය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනෙකුත් ආයතන පිළිබඳ ඉදිරි ලිපි වලින් බලාපොරොත්තු වන්න.

No comments: