මෙසපොතේමියනු ශිෂ්ටාචාරය
ඉරාකය හරහා පර්සියානු බොක්කට ගලා බසින යුප්රටිස් ටයිග්‍රිස් යන ගංගා දෙක ආශ්‍රිතව බිහි වූ ශිෂ්ටාචරය මෙසපොතේමියානු ශිෂ්ටාචාරය නම් වේ. මෙසපොතේමියාව යන්නෙහි අර්ථය ගංගා දෙකක් අතර ප්‍රදේශය යන්නයි. එහෙයින් මෙය දෙගම්මැදි රාජ්‍යය ලෙසද හැඳින්විණි. මෙම ගංගා නිම්න ආශ්‍රිතව මුල්ම වාසස්ථානකරුවන් හඳුන්වන්නේ සුමේරියන් වරු ලෙසය. දියුණු ශිෂ්ටාචාරයක් ගොඩ නැගීමේ පුරෝගාමීන් වූ සුමේරියන්වරුන්ගේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරය තුළ පහත ලක්ෂණ විද්‍යාමාන විය.
1. ඌර්, කිෂ්, ලගාෂ්, නිප්පූර් ආදී ගම් නගර බිහි කර ගැනීම.
2. පිළිස්සූ ගඩොලින් ගොඩනැගිලි තැනීම.
3. දේව වන්දනාව හා දේවස්ථාන ගොඩ නැගීම. මෙම දේවස්ථාන ශිගුරාත් ලෙස හැඳින්විණි.
4. වසරකට දින 360 ක් සහිත දින දර්ශන භාවිතා කිරිම.
5. ගණිතය හා මිනුම් ක්‍රම පිළිබඳ දැණුමින් යුක්ත වීම.
6. රන් රිදී භාවිතය.
7. තාරකා විද්‍යාව පිළිබඳ දැනුමකින් යුක්ත වීම හා තාරකාවල පිහිටීම සිතියම් වල නිරූපණය කිරීම.
No comments:
Post a Comment