ඕසෝන් ස්ථරය ගැන දැන ගනිමු - Press Release

Wednesday, March 13, 2019

ඕසෝන් ස්ථරය ගැන දැන ගනිමු


ඕසෝන් වායුව Oපෘථිවි වායු ගෝලයේ දුර්ලභ වායුවකි. එය කෙතරම් දුර්ලභද යත් සාමාන්‍යයෙන් වායු අණු මිලියන දහයකට ඕසෝන් වායු අණු ඇත්තේ තුනකි. එහෙත් මෙම දුර්ලභ වායුව පෘථිවි සුරක්ෂිතතාවයට ලබා දෙන්නේ සුළු පටු දායකත්වයක් නොවේ. පෘථිවි වායු ගෝලයේ කලාප දෙකක් ලෙස ඕසෝන් වායුව ව්‍යාප්තව ඇත. මින් 90% ක පමණ ස්ථරයක් පෘථිවි පෘෂ්ඨයේ සිට කි.මී. 10-17 ක දුරින් විහිදී ඇත. ඇතැම් ස්ථාන වලදී මෙම ස්ථරය කි.මී. 50ක දුරකටද වීහිදිය හැකිය. ඕසෝන් ස්ථරය ලෙස ව්‍යවහාරයේ යෙදෙන්නේ මෙම කලාපයයි. එය 'strotosphere' ලෙසද හැඳින්වේ. ඉතිරි 10% ක පමණ ඕසෝන් ප්‍රමාණය වායු ගෝලයේ පහළ කලාපයේ ව්‍යාප්තව ඇත. මෙම කලාපය 'troposphere' ලෙස හැඳින්වේ. 1913 දී ප්‍රංශ ජාතික විද්‍යාඥ දෙපළක් වන Charles Fabry සහ Hennry Buisson ඕසෝන් ස්ථරය සොයා ගන්නා ලදී.

ඕසෝන් ස්ථරයේ කාර්‍යභාරය 
ඉහළ වායු ගෝලයේ, එනම් strotosphere හි ඕසෝන් අණුවල රසායනික ව්‍යුහයත් පහළ වායු ගෝලයේ, එනම් troposphere හි රසායනික ව්‍යුහයත් එකිනෙකට සමානය. නමුත් එම කලාප දෙකෙහි කාර්‍ය්භාරයන් එකිනෙකට වෙනස් වේ. ඉහළ ස්ථරයේ ඕසෝන් අණු වලින් (strotosphere) විශාල සේවයක් පෘථිවි වාසීන්ට ලැබේ. ඉන් ප්‍රධාන වන්නේ අහිතකර පාරජම්බුල කිරණ පෘථිවි පෘෂ්ඨය කරා පැමිණීම වැළැක්වීමයි. නමුත් පහළ වායු ගෝලයේ (troposphere) ඇති ඕසෝන් අණු වායු දූෂක හා ජීවීන්ට අහිතකර වේ. වාහන වලින් හා කර්මාන්තශාලා වලින් පිටවෙන දුම් මෙම ස්ථර‍යට ප්‍රබලව බලපායි. සූර්‍යයාගේ පාරජම්බූල කිරණ, වාහන වලින් පිට වෙන හයිඩ්‍රො කාබන් සහ න‍යිට්‍රජන් ඔක්සයිඩ් ආදිය ප්‍රතික්‍රියා කිරීමෙන් පහළ වායු ගෝලීය ඕසෝන් සෑදේ. වාහන ප්‍රමාණය හා කර්මාන්තශාලා ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් 1900 වර්ෂයෙන් පසුව පහළ වායු ගෝලීය ඕසෝන් ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. 

ඕසෝන් ක්ෂයකාරක 

1. ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් 
2. හේලෝන් 
3. කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් 
4. මෙතිල් ක්ලෝරොෆෝම් 

ඕසෝන් ස්ථරය ක්ෂය වීම නිසා ඇති වන මානව හා පාරිසරික ගැටළු 

1. ශාක වර්ධනය හීන වීම හා කෘෂි කර්මාන්තයට අහිතකර ලෙස බලපෑම. 
2. ෛජව භූ රසායන ක්‍රියාවලි වෙනස් වීම. 
3. පාරජම්බුල කිරණ හේතුවෙන් සමේ පිළිකා, ඇසේ සුද ආදී රෝග ඇති වීම. 
4. ජාන විකෘතිතා ඇති වීම. 
5. උභය ජීවීන් හා මත්සයින් විනාශ වීම. 
  
ඕසෝන් ස්ථරය රැක ගැනීම පිණිස ඇති සම්මුති 

1. වියානා සම්මුතිය

එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ මූලිකත්වයෙන් 1985 දී වියානා සම්මුතිය පිහිටුවා ගන්නා ලදී. එය 1988 සැප්තැම්බර් 22 වැනි දින සිට බලාත්මක විය. ඕසෝන් ස්ථරය පිළිබඳ ක්‍රමානුකූල නිරීක්ෂණය, පර්යේෂණය කිරීම, තොරතුරු හුවමාරුව හා ඕසෝන් ස්ථරයට හානි කර ද්‍රව්‍යය පිළිබඳ ක්‍රියා කිරීම වියානා සම්ම්මුතියේ මූලික පරමාර්ථයයි. 1989 දෙසැම්බර් 15 වන දින වියානා සම්මුතියට අත්සන් තබමින් ශ්‍රී ලංකාවද එහි පාර්ශවකරුවෙකු බවට පත් විය. 

2. මොන්ට්‍රියල් සන්ධානය 

ඕසෝන් ක්ෂයකාරක ද්‍රව්‍ය පිළිබඳ මොන්ට්‍රියල් සන්ධානය බිහිව ඇත. එහි මූලික පරමාර්ථයක් වන්නේ ඕසෝන් ස්ථරයට හානිකර ද්‍රව්‍ය නිෂ්පාදනය හා භාවිතය ක්‍රමයෙන් අඩු කර අවසානයේදී සම්පූර්ණයෙන් නතර කිරීමට මග පාදා ගැනීමයි. 1987 දී ඇති කර ගත් මෙම සන්ධානයට 1989 වර්ෂයේදී ශ්‍රී ලංකාවද එක් වෙමින් එහි පාර්ශවකරුවෙකු බවට පත් විය.

No comments: