විජයබා කොල්ලය - Press Release

Tuesday, March 12, 2019

විජයබා කොල්ලය

ලංකා ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කරමින් ලංකාව විදේශිකයන් අතට පත් කිරීමේ මූලික අඩිතාලම පිහිට වූයේ 1521 දී සිදු වූ විජයබා කොල්ලයයි. එවකට කෝට්ටේ රාජධානිය පාලනය කළේ හත් වන විජයබාහුය. ඔහුගේ පුතුන් තිදෙනා තම පියාව ඝාතනය කරවා සීතාවක, කෝට්ටේ හා රයිගම ලෙස රාජධානි තුනකට කෝට්ටේ රාජධානිය බෙදා ගන්න ලදී. එහිදී වැඩිමහල් පුත්‍රයා වූ බුවනෙකබා කුමරුට කෝට්ටේ රාජ්‍යයත් මායදුන්නේ කුමරුට සීතාවක රාජ්‍යයත් රයිගම බණ්ඩාර කුමරුට රයිගම රාජ්‍යයත් අයිති වන ලෙස කෝට්ටේ රාජධානිය බෙදා ගත්හ. එම සිද්ධිය විජයබා කොල්ලය ලෙස හැඳින්වේ.
මෙලෙස කෝට්ටේ රාජධානිය කොටස් තුනකට බෙදීම නිසා රාජ්‍යයේ ශක්තිය දුර්වල විය. තවද බුවනෙකබා රජු, ඔහු හා මායාදුන්නේ කුමරු අතර ඇති වූ සටනට සහය ලබා ගත්තේ පෘතුගීසීන්ගෙනි. මෙම අවස්ථා ප්‍රයෝජනයට ගත් පෘතුගීසිහු අවසානයේදී කෝට්ටේ රාජධානිය අයිති කරගත්හ.

No comments: