ගුවන් යානා වලට ගුවන අකැපද? - Press Release

Monday, March 11, 2019

ගුවන් යානා වලට ගුවන අකැපද?


  මිනිසා පරයා තාක්ෂණය හිස ඔසවමින් පවතින මෙවන් යුගයක තාක්ෂණයේ දියුණුව පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ඇති කරමින් පසුගියදා එනම් දෙදහස් දහනවය වර්ෂයේ මාර්තු දහ වැනි දින ඉතියෝපියානු ගුවන් සමාගමට අයත් බෝයිං 737 MAX 8 වර්ගයේ ගුවන් යානයක් පුද්ගලයින් 157 දෙනෙකුද සමගින් ඉතියෝපියාවේ Addis Ababa ආසන්නයට කඩා වැටුණි.මින් සුදු කළු භේද නොසලකා ව්විධ ජාතීන් වල පුද්ගලයෝ එකවර මරු තුරුලට ගියහ.

  මෙම ගුවන් අනතුර කණ වැකීමත් සමග ලෝකය තුෂ්ණිම්භූත වූයේ මීට මාස පහකට පෙර මෙවැනිම ගුවන් යානයක් විනාශ වූ බව සිහි වීමෙනි. ඉන්දුනීසියාවේ ලයන් එයාර් ගුවන් සමාගමට අයත් එම ගුවන් යානයද ගුවන් ගත කර මිනිත්තු කිහිපයකින් පුද්ගලයින් 189ක් සමඟින් ජාවා මුහුදට කඩා වැටුණි. මෙහිදී වඩාත් වැදගත්ම කාරණය වන්නේ එයද  බෝයිං 737 MAX වර්ගයේ වීමයි.

  මේ අතර අවධානය යොමු කළ යුතු තවත් කරුණක් ඇත. එනම් ගුවන් ගමන් ඉතිහාසයේ අබිරහසක් වන මැලේසියානු ගුවන් සමාගමට අයත් බෝයිං 777 වර්ගයේ ගුවන් යානය අතුරුදන් වී වසර 5ක් ගත වී දින දෙකකට පසු මෙම ඛේදජනක අනතුර ගුවනේ සිදු වීමය.





No comments: