යුද්ධයකට අත වනන ඉන්දු පකිස්ථාන අර්බුදය
ඉන්දියාව නිදහස ලැබුවේ 1947 අගෝස්තු 15 වැනි දිනය.ඊට පෙර දින බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන්ගේ විශේෂ ප්‍රඥප්තියක් මඟින් පකිස්තානය බිහි විය. එහිදී ඉස්ලාමීන් බහුලව ජීවත් වූ ජම්මු කාශ්මීරයේ අයිතිය ඉන්දියාවට හෝ පකිස්තානයට නිල වශයෙන් ලබා නොදීමට බ්‍රිතාන්‍යයෝ වග බලා ගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවත් පකිස්තානයත් දේශ සීමා උදෙසා අරගල කිරීමට පටන් ගත්හ.
මෑතකදී මෙම අරගලය උත්සන්න වූයේ ඉන්දියාවේ පුල්වාමා දිස්ත්‍රික්කයේ ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් ඉලක්ක කරගනිමින් එල්ල වූ බෝම්බ ප්‍රහාරයක් හේතුවෙනි. මින් කුපිත වූ ඉන්දියාව ප්‍රහාරය පිලිබඳ ඇඟිල්ල දික් කලේ පකිස්තානයටය. එහෙත් පකිස්තානය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළේය. ඉන්දියාව පකිස්තානය සමඟ පවැත්වූ සියළු වෙළඳ ගිවිසුම් අහෝසි කළේය. පකිස්තාන බඩු සඳහා රේගු මිල වැඩි කළේය. මේ අතර ප්‍රහාරයේ වගකීම 'ජයිශ් ඊ මොහොමඩ්' නැමති පකිස්තානයේ වෙසෙන ත්‍රස්තවාදීන් සමූහයක් බාර ගත් බවට විදේශ රටවල ප්‍රචලිත විය. එහෙයින් ඉන්දියාව පසුගිය දා 'ජයිෂ් ඊ මොහොමඩ්' ත්‍රස්ත කඳවුර වෙත ප්‍රහරයක් එල්ල කරමින් තත්වය තවත් උග්‍ර අතට හැරවිය. පකිස්තානුවන්ද සාමකාමී මාවතකට එළඹෙන පෙනුමක් නැත. ඔවුන් පවසන්නේ ඉන්දියනුවන්ගේ පහර දීම් වලට තමන් පෙරළා පහර දෙන බවය. ඒ බව පකිස්තානු අගමැති ඉම්ර්‍ආන් ඛාන් ගේ ප්‍රකාශ වලින් සනාථ වේ.
ඉන්දියාවත් පකිස්තානයත් යන රටවල් දෙකම සාක් කලාපීය රටවල් දෙකකි. යම් හෙයකින් මෙම රටවල් දෙක අතර යළි යුද්ධයක් ඇති වුව හොත් එය බලපාන්නේ එම රටවල් දෙකේ පුරවැසියන්ට පමණක් නොව. අප ඇතුළු අනෙකුත් සාක් කලාපීය රටවල් වලටත් සමස්ත ලෝකයටමත් එහි විපාක විඳීමට සිදුවෙනු ඇත.
යුද්ධයෙන් විනාශ වන්නේ භෞතිකමය වටිනාකමක් ඇති ද්‍රව්‍ය පමණක් නොවේ. ඉන් රටක සමස්ත භෞතික, සමාජයීය හා ආර්ථික පරිසරයම විනාශ වේ. එපමනකුදු නොවේ, යුද්ධයකින් විනාශ වන මානව ජීවිත වල වටිනකම මිල කළ නොහැක. කවර තරාතිරමක රටක් වුවද එම රටේ රජය විසින් ඒ පිළිබඳ වගකීමකින් සිතිය යුතුය.
කෙසේ වුවත් ලෝකයේ සියළුම රටවල් සිහි තබා ගත යුතු කරුණක් අප ජනප්‍රවදයේ ඇත. එනම් 'අවි ගත්තෝ අවියෙන්ම නැසෙන' බවයි.
No comments:
Post a Comment