නයිල් නිම්න ශිෂ්ටාචාරය - Press Release

Thursday, March 21, 2019

නයිල් නිම්න ශිෂ්ටාචාරය



පෙර දිනකදී අපි මෙසපොතේමියානු ශිෂ්ටාචාරය පිළිබඳ කථා කළෙමු.

මෙසපොතේමියානු ශිෂ්ටාචාරය පිළිබඳ ලිපිය මෙතැනින් ලබා ගන්න

මෙම ලිපියෙන් න‍යිල් නිම්න ශිෂ්ටාචාරය පිළිබඳ විස්තර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු. නයිල් නදිය පිළිබඳව ඔබ සියළු දෙනාම අසා ඇති බවට සැකයක් නැත. නයිල් නදිය යනු ලෝකයේ දිගම ගංගාවයි. එය ආරම්භ වන්නේ නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි වික්ටෝරියා විලෙනි. ඉන්පසු ඊජිප්තුව මැදින් ගලා යන මෙම ගංගාව මධ්‍යධරණී මුහුද අභියසදී මුහුදට වැටේ. නයිල් නදිය ආසන්නව ඇරඹි ශිෂ්ටාචාරය න‍යිල් නිම්න ශිෂ්ටාචාරයයි. නයිල් නිම්න ශිෂ්ටාචාරයේ වැඩි ප්‍රදේශයක් වර්තමානයේ අයත් වන්නේ ඊජිප්තුවටයි.

ක්‍රි.පූ. 3000දී පමණ මෙනේස් රජුගේ රාජ්‍යයක් නයිල් ගඟ ආශ්‍රිතව ගොඩ නැඟුණි. එහි අගනුවර වූයේ 'මෙම්පීස්' ය. එකල ඊජිප්තුවේ රජ පෙළපත 'පාරාවෝ' ලෙස හැඳින්විණි. ජීවත්ව සිටියදීම සොහොන් ගෙවල් සෑදීම 'පාරාවෝ' රජවරුන්ගේ විශේෂ ලක්ෂණයකි. වර්තමානයේද විශ්මයජනක නිර්මාණ ලෙස සැළකෙන එම සොහොන් ගෙවල් 'පිරමීඩ' ලෙස හැඳින්වේ. පාරාවරුන් මිය ගිය පසු ඔවුන්ගේ මෘත ශරීර මෙම පිරමීඩ තුළ තැන්පත් කෙරිණි. එලෙස මෘත ශරීර පිරමීඩ තුළ තැන්පත් කිරීමේදී එම මිය ගිය පුද්ගලයා ජීවත්ව සිටියදී භාවිත කළ බඩු භාණ්ඩද ඒ තුළ තැන්පත් කෙරිණි. පාරාවරුන්ගේ ශක්‍යතාවය කෙතරම්ද යත් මෘත ශරීර ආරක්ෂා කිරීමට බෙහෙත් ගල්වන ලදී. එහෙයින් අවුරුදු දහස් ගණනකට පසුව වර්තමානයේද එම මෘත ශරීර ආරක්ෂා වී ඇත.

න‍යිල් නිම්න වැසියෝ අකුරු ලිවීමට 'පැපිරස්' නම් පන් වර්ගය යොදා ගත්හ. ඒවායෙහි ලියන ලද අකුරු 'හයිරොග්ලිපික්ස්' නැමති රූපාක්ෂරයි. මීට අමතරව පිරමීඩ හා දේවස්ථාන බිත්ති වල සිතුවම් ඇඳීමටද ඔවුහු පුරුදුව සිටියහ. තවද අලංකාර ප්‍රතීමා නෙළීමටද මොවුහු දක්ෂ වූහ. නයිල් නිම්න වැසියෝ දින 365ක දින දර්ශනයක්ද භාවිත කළහ . සිතියම් සැකසීම, මිනුම් ක්‍රම ආදී ශිල්ප ක්‍රමද ඔවුහු ප්‍රගුණ කර සිටියහ.

No comments: