එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය - Press Release

Tuesday, March 19, 2019

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය


පෙර ලිපි වලින් අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳවත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පිළිබඳවත් කතා කළෙමු.



එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව තහවුරු කිරීමේ මූලික වගකීම පැවරී ඇත්තේ ආරක්ෂක මණ්ඩලයටයි. ආරක්ෂක මණ්ඩලයේ මුළු සාමාජිකයින් සංඛ්‍යාව 15 කි. ඉන් සාමාජිකයින් පස් දෙනෙකු නිත්‍ය සාමාජිකයින් වන අතර ඉතිරි දස දෙනා නිත්‍ය නොවන සාමාජිකයින් වේ.

නිත්‍ය සාමාජිකයින් 
  1. ඇමෙරිකා එක්සත් ජනපදය 
  2. ප්‍රංශය 
  3. මහා බ්‍රිතාන්‍යය 
  4. රුසියාව 
  5. චීනය 
මෙම නිත්‍ය සාමාජිකයින් පස් දෙනාට ආරක්ෂක මණ්ඩලය තුල හිමි විශේෂ බලයක් ඇත. එය නිශේධ බලය ලෙස හැඳින්වේ. ලෝක සාමයට තර්ජනය විය හැකි ඕනෑම අවස්ථාවක එම තර්ජනය පිටු දැකීමට ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් පස් දෙනාට ඇති බලය නිශේධ බලය ලෙස අර්ථ කථනය කළ හැක. 

නිත්‍ය නොවන සාමාජිකයින්ගේ ධූර කාලය අවුරුදු දෙකකි. සෑම සාමාජිකයෙකුටම ඡන්දයක් හිමි වන අතර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව මෙම සභාවේ තීරණ වලට එකඟ වීමට සියළුම සාමාජිකයින් බැඳී සිටියි. ආරක්ෂක මණ්ඩල තීරණයක් සම්මත වීමට 9/15 ක ඝණ පූර්ණයක් තිබිය යුතු අතර එහිදී නිශේධ බලය හිමි රටවල් පහේ එකඟතාවය අනිවාර්‍ය්ය වේ. ආරක්ෂක මණ්ඩලයේ සභාපතීත්වය මසකට වරක් සාමාජික රටවල් අතර බෙදී යයි. 

එක්සත් ජාතීන්ගේ අනෙකුත් ආයතන පිළිබඳ ඉදිරි ලිපි වලින් බලාපොරොත්තු වන්න.

No comments: